Saturday, June 3, 2017

⬆️
⬆️                                /
⬆️                              /
⬆️                            /
⬆️             _______/
⬆️           /
⬆️_____/
⬆️                          ________________                        
⬆️                       /
⬆️           _____/
⬆️         /
⬆️       /
⬆️___/
⬆️
⬆️
⬆️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️--

රබර් බෑන්ඩ්

        වතු රබර් කිරි - field latex
                                 ⬇️
                                 ⬇️↪️ DAHP
                                 ⬇️↪️ AMONIA CNH3
                                 ⬇️
                                 ⬇️
     සාන්ද්‍ර කල කිරි  - centrifuge latex
                                 ⬇️
                                 ⬇️
                                 ⬇️↪️ 50% sulfur dispenser
                                 ⬇️↪️ 50% zno dispenser
                                 ⬇️
රබර් කිර් සංයෝගය  - compound latex
                                 ⬇️
                                 ⬇️
                                 ⬇️
                                 ⬇️
    අච්චු ගත කිරීම  -  mould
                                  ⬇️
                                  ⬇️
                                  ⬇️
                                  ⬇️
   Dipped into the compound latex
                                  ⬇️
                                  ⬇️
                                  ⬇️
                                  ⬇️
උඳුන් වලට දැමීම     -   owns
                                  ⬇️
                                  ⬇️
                                  ⬇️
                                  ⬇
අවසන් නිශ්පාදනය   -  finish praduct

Thursday, June 1, 2017

ආර්ථික වශයෙන් ලාබදායි කම්පවුන්ඩ් එකක් සැදීම

නිශ්පාදන භාණ්ඩ යේ අවශ්‍ය ගුණාංග යන්ට ගැලෙපෙන පරිදි රබර් සමග අනෙකුත් රසායනික ද්‍රව්‍යයන් මිශ්‍රකර සාදාගන්නා සංයෝගය රබර් කම්පවුන්ඩ් නම් වේ.
            එලෙස රබර් සමග මිශ්‍රකරන ද්‍රව්‍යය අතර පිරවුම් කාරක, සක්‍රීය කාරක, ත්වරක,මෘදු කාරක, රසායනික බන්ධන කාරක,  ආදියවේ.රබර් සංයෝගයක් සතුව තිබිය යුතු මූලික ගුණාංග පහත පරිදිවේ.
* tensile strength - ඇදීමෙන් කැඩීම සඳහා යෙදිය යුතු බලය
* abrasions resistance
* tare resistance
* elongation
* module
* resilience - පොලා පැනීම
* රසායනික ප්‍රතිරෝධ තාවය
* කම්පන දරාගැනීමේ හැකියාව
* discalareshan
* වායු ප්‍රතිරෝධතාවය
* තාප ප්‍රතිරෝධයතාවය

INGREDIENTS RUBBER

POLYMER අමුද්‍රව්‍යය -  ස්භාවික රබර්(NR) , NBR , IIR , BR , SBR

FILLER  පිරවුම්කාරක - carbon black , caco3 , china clay , fiber , 

Stabilzer sistem - 6ppd , tmg

Vulcanize system - සල්ෆර් (s) , accelerator , retarded 

special compound ingredient - wax , resins



Rubber compound සඳහා උදාහරණයක් පහතවේ

Compound formula 

   Material                       phr

Natural rubber                100
Carbon black n375           55
Oil                                           5
Antioxidants                          1
Antioxanate                           1
Zno                                       2.5
Stearic acid                            2
Sulfur                                   1.7
Accelerator                         1.2

රබර් මිශ්‍ර කීරීම අදියර දෙකකි.

පලමු පියවරේදී - කාර්බන් , ඔයිල් ,වැනි ද්‍රව්‍යය යොදා මිශ්‍රකරයි.මෙහිදී උශ්ණත්වය 140°c - 170°c දක්වා ඉහල අගයකට ගෙනයන අතර සල්ෆර් හා ඇස්සලලෙටර් භාවිත නොකරයි.

දෙවෙනි පියවරේදී සල්ෆර් හා ඇස්සලලෙටර් පමණක් යොදා  110°c උශ්නත්වයක් තුල මිශ්‍රකර කරයි.

ආර්ථික වශයෙන් ලාබදායි සංයෝගයක් නිශ්පාදනය කිරීමට ප්‍රධාන වශයෙන් සැලකිය හැකි කරුණු දෙකකු.
 * කම්පවුන්ඩ් ෆෝමියුලා එක වෙනස් කිරීම
 * මිශ්‍රණ ක්‍රම හා යන්ත්‍ර ක්‍රියාවලි වෙනස් කිරීම

1) ෆෝමියුලා වෙනස් කිරීම
  ආර්ථික වශයෙන් ලාබදායි සංයෝගයක් නිශ්පාදනයේදී භාවිත අමුද්‍රව්‍ය වෙනස් කිරීමෙන් නිමි භාණ්ඩයට යන මිල අවම කරගත හැකියි.මෙලෙස භාවිතා කල හැකි ප්‍රධාන අමුද්‍රව්‍ය අතර
* caco3=හුණු        * චයිනාක්ලේ         *  reclaim rubber   * oil    * cotton dust form garment
* fly ash =දහයියා  * saw wood dust=ලීකුඩු ආදිය වේ.

Caco3 භාවිත කල හැකි නිශ්පාදන අතර * ටයර්   * car paint * paint *wire and cable

Rubber crumb = ටයර් කුඩු - ඉවතලන රබර් ආශ්‍රිත නිශ්පාදන (භාවිතයෙන් පසු) යන්ත්‍රයක් ආධරයෙන් කුඩා කොටස් වලට අඹරා සාදන පිරවුම් කාරකය සංයෝගයට එක් කර පිරිවැය අඩු කරගත හැකිය

Reclaim rubber- ඉවතලන රබර් ආශ්‍රිත නිශ්පාදන නැවත රබර් භාණ්ඩ නිශ්පාදන යට එක් කල හැකි අවස්ථාක් ලෙස reclaim rubber හැඳින්විය හැකියි.මෙමගින් මිල අවම කල හැකි සේම නිශ්පාදන කාර්යය පහසුවේ.එස්ටෲඩරයක් මගින් නිපදවන රබර් සංයෝග සඳහා reclaim rubber යෙදීම අනිවාර්ය වේ.


2. මිශ්‍රණ ක්‍රම හා යන්ත්‍ර වෙනස් කිරීම මගින්

i) පලමු හා දෙවෙනි පියවර සඳහා මිශ්‍රකිරීමට යන කාලය අවම කිරීම.මේ සඳහා 
* භාවිත කල හැකි රෝටර් ස්පීඩ්
* යන්ත්‍ර ඇරීම හා වැසීමටයන කාලය අඩුකර ගැනීම
*රැම් pressure අවශ්‍ය පිරිවිතර යන් තුල තබාගැනීම
*යන්ත්‍ර තුලට අමුද්‍රව්‍ය එක්කිරීමට යන කාලය අඩුකිරීම

ii) මිශ්‍රණ යන්ත්‍රය තුල මිශ්‍රකර හැකි මිශ්‍රණයේ බර වැඩිකිරීම

ii) මිශ්‍රණ අංශයේ යන්ත්‍ර එකවර ක්‍රියාත්මක නොකිරීම

iv) නිශ්පාදන කටයුතු නොවන විට යන්ත්‍ර ක්‍රියාවිරහිත කර තැබීම

v) ඉතා කෙටිකාලීන නැවතීම් පනගැන්වීම නොකිරීම

vi) මැෂින් ඕවර්ලෝඩ් වීම වැලක්වීම

3. මිශ්‍රණ ක්‍රියාවලිය automation කිරීමෙන්
* කාර්බන් බැක් . ඔයිල් පීඩන automation කිරීම
* රැම් up to down automation කිරීම

Wednesday, May 31, 2017

දුම් ගැසූ රබර් - smoking sheets (rss

Rss ,නිශ්පාදන ගැලීම් සටහන

                                    රබර්ගස

                                                                l
                                                                I         ⬅️ TAP TREE
                                                                I

                          latex (කිරි සාන්ද්‍රණය)

                                                                I
                                                                I        ⬅️  ඇසිඩ් යොදා සාන්ද්‍ර කිරීම
                                                                I

                                 coaguluam      

                                                                I
                                                                I         ⬅️ waching milling
                                                                I            (සෝදා මිල් එකට දැමීම)

                                   SHEETS                                     

                                                                I
                                                                I          ⬅️ දුම් ගැසීම 
                                                                I                (smoking drying)

                          SMOKING SHEETS                        



රබර් ගසෙන් ලබාගන්නා කිරි  ෆොර්මික් ඇසිඩ් හෝ ඇසිටික් ඇසිඩ් යොදා ගනීභවනය කරගනී.ඉන් පසු මිල් යන්ත්‍රයක් ආධාරයෙන් 2.5 ත් 3.5 ත් අතර ගණකම ඇති සීට් බවට පත්කරගනී.හොඳින් සෝදා පිරිසිදු කර දුම් ගැසීම සඳහා 60°c උශ්ණත්වය සහිත දුම් කාමරයට දමා සතියක් පමණ තබනු ලැබේ.
 මෙලෙස ලබාගන්නා දුම්ගැසු රබර් වල පහත දෝෂ වේ.
            *Oder- දුර්ගන්ධය 
            *  dirt -  දූවිලි හා අපද්‍රව්‍ය 
             *  blisters(airbub)-  නිශ්පාදන දෝස
              * rust            
                       නිශ්පාදනයේ ඇතිවන දෝෂ මත පහත ලෙස ඛාණ්ඩ 06කට වර්ගීකරණය කරනු ලැබේ.
  

               01)  RSS  1×
               02)  RSS  1
               03)  RSS  2
               04)  RSS  3
               05)  RSS  4
               06)  RSS  5
මෙම වර්ගීකරණය පියවි ඇසින් එකින් එක අතට ගෙන පරික්ෂා කිරීමෙන් සිදුකරයි.එහිදී නිර්නායක ලෙස පහත කරුණු සැලකිල්ලට ගනු ලැබේ.

*  COLOR -  වර්ණය
*   BILISTERS/BUBBLES- වායු බුබුලු
*   DIRT - දූවිලි
*    SAND - වැලි
*    BARKPART - පොතුකැබලි

NATURAL RUBBER (NR)

1. රූපය - රබර් කිරි

2.රූපය - රබර් අංශුවේ රසායන ව්‍යුහය-1.4 cis poly isoprene 

1.4 සිස් පොලිඅයිසොප්‍රින් අනුව

රබර් වල සංයුතිය 100°c ට

ජලය             ---------------        55 ත් 70ත් අතර

රබර්              ----------------       30 ත් 40 ත් අතර

ප්‍රෝටීන්          -----------------      1.5ත් 02 ත් අතර

රෙසින්ස්        ------------------      1.5 ත් 02 ත් අතර

Ash                -------------------       0.5 ත් 01ත් අතර


Ash = මැග්නිසියම්, යකඩ , කැල්සියම්,සීනි




ස්භාවික රබර් වර්ග

* දුම් ගැසූ රබර් ---- smoking sheets (rss)

* crape rubber

* technical special feild rubber (block rubber)

* සාන්ද්‍ර රබර් කිරි - concentrated latex

* modified grades of natural rubber ( රසායන සංයුතිය වෙනස්කරන ලද රබර්)

විශේෂ කාර්යයන් සඳහා භාවිත කෘතීම රබර්

Silicon rubber -SR 

ගුණාංග
* C--C බන්ධන වෙනුවට S2--S2 බන්ධන වලින් සෑදී ඇත.
* ඝන හා ද්‍රව දෙකම භාවිත වේ
* අධික උශ්නත්ව වලට ඔරොත්තුදෙයි
*තෙල් හා බොහෝ රසායනික ද්‍රව්‍යයන් වලට ප්‍රතිරෝධයක් දක්වයි
* උදාසීන ගන්ධයක් නැති විස රහිත රබර් වර්ගයකි
* නම්‍යය ශීලි බව ඉතා ඉහලවේ
* ඇදෙන සුළු හා ඉරීම් වලට ඔරොත්තුදීමේ හැකියාව අඩුයි.
* ගෙවීමට ඔරොත්තු නොදේ

SR භාවිත නිශ්පාදන 

* සූප්පු වර්ග
* හෝර්ස් වර්ග
* සීල් වර්ග
* ගෑස්කට් වර්ග
* ආහාර බහාලන බඳුන්
* කාර්පට් වර්ග

POLYACRYLIC RUBBER (ACM)

*තාපයට , තෙල් වලට , ප්‍රතිරෝධයක් දක්වයි
*O3 වලට ප්‍රතිරෝධයක් දක්වයි

රථ වාහන වර්ග වල සීල් වර්ග සෑදීමට වඩාත් භාවිතවේ.


POLIURETHANE RUBBER (PU)

* සාමාන්‍ය උශ්නත්ව වලදී ක්ෂය වීමට අධික ප්‍රතිරෝධයක් දක්වයි

* ඇදීමට හා ඉරීමට අවශ්‍යය බලය වැඩිවේ

* තෙල් වර්ග වලට ද්‍රාවන වලට ප්‍රතිරෝධයක් දක්වයි

PU භාවිත නිශ්පාදන

* ප්‍රින්ට් රෝල් වල පිටත ආලේපනයක් ලෙස භාවිතා කරයි.

* විවිධ රබර් රෝද වර්ග සෑදීමට 

*  බිමට එලන කාර්පට් වර්ග සෑදීමට


FLUOROCARBON RUBBER (FKM/CFM)


" මෙහි විශේෂත්වය වනුයේ FLUORINE යන මූලද්‍රව්‍යය තිබීමයි."
* ලිහිසි කාරක හා හයිඩ්‍රොලික් ද්‍රව වර්ග වලට ප්‍රතිරෝධයක් දක්වයි
*O3 වලට ප්‍රතිරෝධයක් දක්වයි
* 200°C උශ්ණත්ව යටතේ භාවිතා කල හැකියි.

##  ගුවන් යාන අමතර කොටස් සෑදීමට භාවිත වේ

EPICHOROCARBON RUBBER

POLISULPHIDE RUBBER (THIOKOL)

CHLOROSULPHONATED RUBBER (CSM/HYPALON)

LONICTHERMOPLASTIC RUBBER (LONOMER)

කෘතීම රබර් වර්ග 02

EPR - ETHYLENE PROPYLENE RUBBER 





ETHYLENE සහ PROPYLENE යන ඒක අවයවික අවශ්‍ය ප්‍රමාණයට වෙනස්කර EPR වර්ගයේ ගුණාංග අපට අවශ්‍ය පරිදි ලබාගත හැකිය.

#  ස්භාවික රබර් (NR) මෙන්ම හොඳ ප්‍රත්‍යක්ෂ ගුණ පෙන්වයි.
# O2 , O3 තාපය , හිරුඑලිය , හා ඔක්ෂිකරණය සඳහා අධික ප්‍රතිරෝධයක් දක්වයි.
# නිර්ධ්‍රැවීය රබර් වර්ගයකි.
# විද්‍යුත් පරිවාරකයකි (විදුලිය ගමන් නොකරයි)
# වතුර , අම්ල , ක්ෂාර වැනි ධ්‍රැවීය ද්‍රාවන වලට ප්‍රතිරෝධයක් දක්වයි.

EPR භාවිත නිශ්පාදන

* තාපයට ඔරොත්තු දීම නිසා කාර්පට් සාදනු ලැබේ
* තාපයට ඔරොත්තු දෙන හෝර්ස් වර්ග
* තාප පරිවාරක ටේප් වර්ග

CR - CHLOROPENE RUBBER


ගුණාංග

# CR වල TRANCE වැඩිකිරීම මගින් වැඩ් ආතන්න බලයක් සහිත නිශ්පාදන සිදුකරයි.
#  ZINC OXIDE සහ මැග්නීසියම් ඔක්සයිඩ් භාවිතා කර වල්කනයිස් කිරීමෙන් ජලයට දක්වන ප්‍රතිරෝධය වැඩිකරගත හැකිය
# ඔක්ෂිකරනය සඳහා අධික ප්‍රතිරෝධයක් දක්වයි
# තදබවින් ඉහලයි
# ගෙවීමට හොඳ ප්‍රතිරෝධයක් දක්වයි.
# ගින්නට හා රසායනික ද්‍රව්‍යය සඳහා ප්‍රතිරෝධය දක්වයි

CR භාවිත නිශ්පාදන 

* engine mounts
* කෘතීම ගම් වර්ග
* සපත්තු වර්ග
*  ග්ලව්ස් වර්ග
*  ඛනිජ තෙල් ප්‍රවාහන නල
*   නියොප්‍රීන් ආලේපිත තෙල් වර්ග.

Tuesday, May 30, 2017

කෘතිම රබර්

BR - බියුටඩයීන් රබර් 


[  H2C      CH     CH2           ] n

# ප්‍රත්‍යස්ථ තාවය වැඩියි
# කම්පන දරාගැනීමේ හැකියාව ඉහලයි.
# වාතය ගමන් නොකරයි
# හිරුඑලිය/ඕසෝන් වලට ප්‍රතිරෝධයක් දක්වයි
# උශ්නත්ව විපර්යාස වලදී ගුණ වෙනස් නොවේ.
# ගෙවීම් වලට ඔරොත්තු දෙයි
#පැලීම් වලට ඔරොත්තු දෙයි

  • BR භාවිත නිශ්පාදන
#  ටයර් වල පැති නිශ්පාදනය( NR හා BR මිශ්‍රකර ටයර් සාදනු ලබයි)
# විදුලි වයර් ආවරණ
# රබර් බට (හොර්‍ස්)
# CONVEYER BELTS


NBR - ACRYLONITRILY BUTUDINE RUBBER



# තෙල් වලට ඔරොත්තු දෙයි
# aromatic ද්‍රාවණ වලට ඔරොත්තු දෙයි
# වායූන් වලට දක්වන පාරගම්‍යය තාවය අඩුයි.
# ද්‍රැවීයයි
# ගෙවීම් වලට ඔරොත්තුදෙයි.
# සම්පීඩන වලට ඔරොත්තු දෙයි
# ඇදෙන සුළුබව ඉතා අඩුයි.
# වල්කනයිස් කලහැකියි
# අඩු උශ්නත්වයකදී දක්වන සුනම්‍යය තාවය අඩුයි.

" අනෙකුත් රබර් වර්ග හා මිශ්‍ර කිරීමේ හැකියාව ඉතා අවම වේ " 

භාවිත නිශ්පාදන

Pvc සමග මිශ්‍ර කීරීම මගින් කාලගුණයට/තෙල්වලට/ගෙවීමට දක්වන ගුණ ඉහල දමයි "
# oil seal
# horses
#printer rollers
# gasket


EPDM - ETHYLENE PROPYLENE DINE MONMERS


ගුණ

# දේශගුණික තත්ව (වැස්ස/හිරුඑලිය/ඕසෝන්) වලට ඔරොත්තු දෙයි
# බොහෝ රසායනික ද්‍රව්‍යය වලට ඔරොත්තුදෙයි
# ඉතා හොඳ තාප පරිවාරකයකි.
# සල්ෆර් හා PEROXIDE  භාවිතා කර වල්කනයිස් කල හැකියි.
#තෙල් වර්ග , ගැසොලින් , හෙරොසින් ,හයිඩ්‍රොකාබන් හා සාන්ද්‍ර ඇසිඩ්වලට දක්වන ප්‍රතිරෝධ තාවය ඉතා අඩුවේ.


epdm භාවිත නිශ්පාදන

# සීල් වර්ග

# ගැස්කට් වර්ග

# කාර්පට් වර්ග 

# ෆෝර්ම් සීට් වර්ග

" epdm - NR/ IR/SBR/NBR සමග මිශ්‍රකර භාණ්ඩ නිපදවයි"



IIR - BUTYL RUBBER



" අයිසොබියුටලයින් සහ අයිසොප්‍රින් යන දෙකෙහි සංයෝගය නිසා මෙය IIR ලෙස හැඳින්වේ"
# හිරු එලියට හා රසායනික ද්‍රව්‍යය වලට ඔරොත්තු දෙයි
#  වාතයට/ ජලවාශ්ප වලට දක්වන පාරගම්‍යය තාවය ඉතා අඩුවේ
#Tg උශ්ණත්වය ඉතා අඩුවේ
#  සම්පීඩන වලට ඔරොත්තු දෙයි
# ඉහල ආතන්න බව
# කම්පන වලට ඔරොත්තු දීමේ හැකියාව ඉහලවේ.
# කාන්දුවලක්වන(සීල්) ද්‍රව්‍යය සෑදීමට වඩාත්  යෝග්‍යවේ
# වල්කනයිස් කිරීමට වැඩිකාලයක් ගතවේ.

Iir භාවිත නිශ්පාදන

* කාන්දුවලක්වන ද්‍රව්‍යය
* ග්ලවුස් වර්ග
* ටයර් වල ඇතුලත ආවරණ (ටියුබ්ලස්)

Sunday, February 19, 2017

රබර් යනු

රබර් යනු කුමක්ද ? එහි ඇති ප්‍රයෝජන කවරේද ? එය ප්‍රයෝජනයට ගත හැක්කේ කෙසේද ? ඈත අතීතයේ සිටම රබර් කාර්මික අමු ද්‍රව්‍යයක් ලෙස හඳුනා ගැනීමත් සමග මෙ වැනි ප්‍රශ්න කෙරෙහි මිනිසා නිරන්තර කුතුහලයෙන් සිටියහ.
සුනම්‍ය තාවය (නැමෙන සුළු)
ප්‍රත්‍යස්ථ තාවය (ඇදෙන සුළු) 
                                                      යන සුවිශේෂ වූ රබර් වල ගුණාංග හේතුකොටගෙන මිනිසා විසින් අවස්තාවට සරිලන පරිදි ප්‍රයෝජනයට ගත හැකිඅමු ද්‍රව්‍යයක් බවට පත්විය.අද ලෝකයේ ගොඩ නැගිලි කර්මාන්තය.යාන වාහන කර්මාන්ත, කෘෂිකර්මාන්තය, සෞඛ්‍ය හා සනීපාර්ක්ෂක කර්මාන්තය.මෙන්ම ගෘහස්ථ පරිභෝජන අවශ්‍යතා සඳාහාද නැතුවම බැරි අමුද්‍රව්‍යයකි .විද්‍යාව හා තාක්ෂණයේ සිදුවූ දැවන්ත වර්ධනයත් සමග රබර් නිශ්පාදන කර්මාන්තයේ අවශ්‍යතා සඳහා යොදා හැකිවිය.
                නමුත් ස්භාවික රබර් වලින් පියවාගත නොහැකිවූ සමහර නිශ්පාදනයන් සඳහා වුවමනා ගුණාංග ඛණිජතෙල් (පෙට්ට්‍රෝලියම්) කර්මාන්තය ආශ්‍රිතව මිනිසා විසින් නිශ්පාදනය කරන ලද කෘතීම රබර් යොදා ගැනිමට හැකිවීම රබර් නිශ්පාදන ක්ෂේත්‍රය තුල මහත් පෙරලියක් හා විව්ධාංගිකයට හේතු පාදක විය.

රබර් ගස පලමුවරට සොයාගනු ලැබුවේ 1498 දී පමණ කාලයේදී ක්‍රිස්ටෝපර් කොලොම්බස් විසින් දකුණු ඇමරිකානු රටක් වන බ්‍රසීලයේ ඇමසන් වනාන්තරයෙනි.එකල එහි සිටි හයිට් ගෝත්‍රික ලමුන් රබර් උපයෝගීකරගෙන බෝල සෙල්ලම් කරනු දැකීය.තවද එම වැසියන් සත්ත්ව හම්‍ රබර් කිරෙහි ගිල්වා වේලා ගනිමින් ජලයට ඔරොත්තු දෙන වඩාත් ආරක්ෂිත පාවාහන් සාදාගත් බව ඉතිහාසය සාක්ෂි දරයි.ලෝකයේ රබර් කිරි වලට පෙනුමෙන් සමාන සුදුපැහැති කිරි ලබාදෙන ශාක වර්ග 200ක් පමන ඇතත් රබර් වල පවතින සුවිශේෂි ගුණාංග ලබාදෙන එකම ශාකය වන්නේ රබර් ගස පමණි.රබර් කිරි එම ගසේ පත්‍රවල ජීව රසායනික පතික්‍රියා මගින් නිපදවයි ඉතා කුඩා රබර් අංශු ජලයේ විසිරී පවතින අතර රබර් කිරි සුදුපැහැයෙන් දිස්වන්නේ එම නිසාය .පත්‍රවල නිශ්පාදිත රබර් කිරි සියුම් නාලිකා මගින් ගසේ සෑම කොටසකටම එහා මෙහා ගමන් කරයි.මෙම කුඩා නාලිකා වැඩිවශයෙන් දක්නට ඇත්තේ ගසේ පොත්තට යටිනි.ගසේ පොත්ත මුවහත් ආයුධයකින් තුවාල කලවිට මෙම නාලිකා කැපීමෙන් රබර් කිරි ගසෙන් ඉවතට ගලා එයි.අවට වාතය රබර් කිරි ගැටීමත් සමග පැය කිහිපයකින් කිරි මිදීමට ලක්වන අතර එමනිසා කිරි සම්පූර්ණයෙන් ගසෙන් ඉවතට ගලාගෙන යාම වලකාලනු ලබය්.


රබර් කිරිවල සංයුතිය.


රබර් ගසින් ලබා ගන්නා කිරි වල

ජලය 55% ත් 70% අතර

වියලි රබර් 30% ත් 40% අතර

රෙසින් වර්ග 1.5% ත් 2% ත් අතර පවතී

කබෝහයිඩ්‍රේට, ලිපිඩ ද්‍රව්‍ය, ප්‍රෝටීන් , ඛණිජ ලවණ, මැග්නීසියම්,අයන්,කැල්සියම් වැනි රබර් නොවන ද්‍රව්‍ය ඉතා සුලු වශයෙන් අඩංගුවේ..සීනි ,, ලවණ වර්ග ඇමයිනෝ වර්ගද එක්තරා ප්‍රමාණයකට මෙහි දියැවී ඇත.මේ නිසා රබර් කිරි ස්භාවයෙන්ම ක්ෂුද්‍ර ජීවීන්ගෙන් තොර වුවත් කිරි කැපීමේදී බාහිර පරිසරයෙන් ක්ෂුද්‍ර ජීවීන් කිරි තුලට පතිත වීමෙන් සීනි සමග ප්‍රතික්‍රියා කරයි.

මේ ක්‍රියාව නිසා එහි අඩංගු සීනි , පෝමික් අම්ලය හා ඇසිටික් අම්ලය බවට හරවයි.සාමාන්‍යයෙන් අම්ල රබර් කිරි මිදවීමේදි භාවිතා කරයි.එමගින් කිරිවල ස්ථායිතාවය නැති කර මිදීම නිසා රබර් කුට්ටියක් බවට පත්කරයි.


හෙනරත්ගොඩ උද්හිද උද්‍යානය.







ස්භාවික රබර් කර්මාන්තය මුහුණපා ඇති ගැටලු


දැනට ග්‍රී ලංකාවේ රබර් වගාව මුහුණ පා ඇති ප්‍රධාන ගැටලුව වී ඇත්තේ කෘතිම රබර් නිසා ස්වාභාවික රබර් වලට ඇතිවන තරඟයයි. ලෝකයේ වර්තමාන රබර් පරිභෝජනය ගත් විට ඉන් 69% පමණ කෘතිම රබර් වලින් යුක්ත වේ.


එමෙන්ම රබර් වගාව තුලින් සරිලන අස්වැන්නක් නොලැබීම.


රබර් වගාව සඳහා ප්‍රයෝජනයට ගත හැකි වතු බිම් ප්‍රමාණය කුඩා වීම.


බොහෝ කුඩා රබර් වැවිලිකරුවන් ඔවුන්ගේ බෝග වගාව රබර් වල සිට තේ දක්වා විවිධාංගීකරණය කර තිබේ.ඊට ප්‍රධාන හේතුව වී ඇත්තේ තේ දලු කිලෝවක් සඳහා ගෙවන මිල ස්වාභාවික රබර් සඳහා ගෙවන මිලට වඩා ආකර්ෂණය වීම හා රබර් වගාවට සා‍පේක්‍ෂව තේ වගාවට අවශ්‍ය ශ්‍රමිකයන් ප්‍රමාණය අඩුවීම.



රබර් සඳහා සාධාරණ මිලක් නොලැබීම හා මිල නිතර නිතර වෙනස් වීමට භාජනය වීම.


රබර් අපනයන තීරුබදු වලට යටත් වීම.



රබර් වගාවට වැලදෙන රෝග ප්‍රමාණය විශාල වීම.


රබර් වගාවට අවශ්‍ය උපකරණ මිලට ගැනීමේ අපහසුව

.
නිෂ්පාදන පිරිවැය අධික විම.



බොහෝ විට රබර් වගාවේ යෙදී සිටිනුයේ ගැමියන් වන අතර ඔවුන් තුල ප්‍රමාණවත් දැනුමක් හා පුහුණුවක් රබර් වගාව සම්බන්ධයෙන් නොපැවතීම.

රබර් හා ආර්ථිකය



රබර් යනු දැනට ලංකාවේ අපනයනය කරනු ලබන කෘෂි අපනයන භෝග වලින් ප්‍රධාන තැනක් ගත් බෝගයකි. රබර් හා ඒ අශ්‍රිත නිපයුම් විදේශ රටවල අපනයනය කිරීම තුලින් විදේශ විනිමය ලංකාවට ලැබේ. 2007 වර්ෂයේ ශ්‍රී ලංකාවේ අපනයනය සංයුතියට අනුව කෘෂි අංශයේ රබර් අපනයනය 1.4% පමණ වන අතර කාර්මික අංශයේ රබර් නිෂ්පාදන අපනයනය 6% පමණ වේ.

පසු කාලීනව රබර් කර්මාන්තය සමග විශාල රැකියා අවස්ථා වතු කර ජනතාවට හා ග්‍රාමීය ජනතාවට ලැබිණ. දැනට ගත් කළ 20,000 ක් පමණ රැකියා අවස්ථා රබර් කර්මාන්තය වටා බැඳී පවතී. මෙම රැකී රක්‍ෂා කිරි කැපීමේ සිට අපනයනය දක්වා ක්‍රියාවලිය තුලින් බිහි වී ඇත.එමෙන්ම මෑත කාලීන රබර් නිපයුම් සඳහා පැවති ආකර්ෂණීය මිල ගණන් තත්ත්‍වය හේතුවෙන් කුඩා හා විශාල වතු හිමියන්ට විශාල ආදායමක් අත්කර ගතහැකි විය. රබර් වගාව හේතුවෙන් රටේ පැවති රැකී රක්‍ෂා ප්‍රශ්නයට යම් විසඳුමක් වූ අතර රටේ ආර්ථිකයට හා ආදායම් විෂමතාවය අඩු කිරීමට එය ඉවහල් විය.




ශ්‍රී ලංකාවේ රබර් වගා කරනුලබන ප්‍රදේශ



කලුතර         රත්නපුර හම්බන්තොට
කොළඹ         මාතර      නුවර එළිය
ගාල්ල         බදුල්ල         කුරුණෑගල
පුත්තලම මාතලේ          කෑගල්ල
නුවර         ගම්පහ   මොණරාගල






බර් කර්මාන්තය ආශ්‍රිත සංවිධාන හා ආයතන



• ශ්‍රී ලංකා රබර් නිපයුම් කරුවන්ගේ හා අපනයන කරුවන්ගේ සංගමය.
( Sri Lanka Association of manufacturers and Exporters of Rubber Products (SLAMERP))

• කොළඹ රබර් වෙලඳන්ගේ සංගමය.( Colombo Rubber Traders Association (CRTA))
• වැවිලිකරුවන්ගේ සංගමය. (Planters Association (PA))
• රබර් පර්යේෂණ ආයතනය.(The Rubber Research institution)
• රබර් සංවර්ධන දෙපාර්තුමේන්තුව.(Rubber Development Department)
• SME රබර් නිපයුම්කරුවන්ගේ සංගමය.(The SME Rubber Manufacturers Association)
• කර්මාන්ත තාක්‍ෂණික ආයතනය.(Industrial Technology Institute)
•|කර්මාන්ත සංවර්ධන මණ්ඩලය .(Industrial Development Board)




ශ්‍රී ලංකාවේ ප්‍රධාන රබර් ගැනුම්කරුවෝ හා ඔවුන්ගේ වැදගත්කම මත ශ්‍රේණි ගත කිරීම


රට           2000 2001 2002 2003 2004 ප්‍රමුකතාවය
ඇමරිකා  66.69 52.93 54.92 68.52 84.87 1
එකසත්
ජනපදය

ජර්මනිය 16.43 16.78 17.74 25.89 30.07 2

එක්සත්   17.42 11.95 13.41 17.28 23.43 3
රාජධානිය
ප්‍රංශය     19.48 16.07 14.79 16.47 17.94 4
ඉතාලිය   16.74 16.39 14.12 15.75 17.71 5
බෙල්ජියම 18.85 12.05 10.76 9.64         11.83 6
ස්වීඩනය 4.37   4.94    6.83  8.79         11.15 7
කැනඩාව 5.42         7.27           6.99 7.16          8.46 8
නෙදර්ලන් 5.09   3.15           4.21 5.37          7.21 9
-තය
ඉන්දියාව 0.71  0.61          1.89 3.97         7.07         10


අනෙකුත් රටවල්


පාකිස්ථානය
බංගලාදේශය
ඉරානය
ජපානය
කොරියාව
‍ සිංගප්පූරුව
මෙක්සිකෝව
නැගෙනහිර යුරෝපීය රටවල්

රබර් නිපදවන ප්‍රධාන රටවල්




ශ්‍රී ලංකාව
ඉන්දුනීසියාව
මැලේසියාව
තායිලන්තය



න්




රබර් නිශ්පාදන ක්‍රියාවලිය

රබර් බීජ වලින් ලබා ගන්නා රබර් පැල වගාවට සූදානම් කොට ඇති භුමියේ සිටුවා ගස වැඩෙන පරිදි පොහොර දමමින් හා වල් පැල මර්ධනය කරමින් නිසි ලෙස නඩත්තු කළ යුතුය. වසර 7 ගතවන තුරු රබර් ගස කිරි කැපීම සඳහා සුදුසු නොවේ. ගස රබර් ගසක කිරි කැපීම සඳහා කැපුම් දැමීමට සුදුසු වනුයේ එම රබර් ගසේ බද්ධ සන්ධියේ ඉහලම ස්ථානයේ සිට සෙ'මි'120(අඟල් 48)ඉහලින් වටය සෙ.මි.50(අඟල් 20) පමණ වූ විටය. මෙසේ කැපුම් දැමීමෙන් පසු රබර් ගස් වලින් ලබා ගන්නා කිරි පොල් කටු ආධාරයෙන් එකතුකොට රබර් නිෂ්පාදනාගාර වෙත යවනු ලැබේ. රබර් කිරි කපන අවස්ථාව් කිරි කැපුම්කරනු ලබන ස්ථානයේ වියලී ඇති පට්ට ගලවා ගන්නා අතර එය ඔට්ටපාලු ලෙස හඳුන්වනු ලැබේ. රබර් නිෂ්පාදනාගාරයේදී විවිධ ක්‍රියාවලීන්ට රබර් කිරි ලක් කොට පහත සඳහන් නිමවුම් ලබාගනී.

  • බර් නිශ්පාද

• සීට් රබර් (Sheet Rubber)
• ක්‍රෙප් රබර් (Crepe Rubbr)
• පේල් ක්‍රෙප් (Pale Crepe)
• ෂෝල් ක්‍රෙප් (Sole Rubber)
• කේන්ද්‍රාපසාරී රබර් කිරි (Centrifuged Latex)
• රීබ්ඩ් ස්මොක් ෂීට් (Ribbed Smoked Sheet)
• තාක්‍ෂණික වශයෙන් වැදගත් රබර් ( Technically Specified Rubber)
• විශේෂිත රබර් (Specialty Rubber)

රබර් නිෂ්පාදනාගාරයේ දී මෙසේ නිපදවනු ලබන නිමවුම් යොදා ගනිමින් කර්මාන්තශාලා විවිධ වර්ගයේ නිමවුම් කරනු ලැබේ. ඒවා නම්,

කර්මාන්ත නිපැයුම්

බට (Hoses)
ටියුබ් ( Tubes)
වාහක පටි (Conveyor Belts)
ඔ‍ටෝ පාට් (Auto Parts)
ඝන රෝද (Solid Tyers)
උණු වතුර බෝතල්

රබර් කිරි මගින් සිදු කරන නිශ්පාදන.


*වෛද්‍ය හා සැත්කම් සඳහා යොදා ගනු ලබන අත් මේස්
*කර්මාන්ත උපාංග
*බැලුම්

නෙකුත් රබර් නිශ්පාදන


*දොර පාපිසි
*රබර් පටි
*ක්‍රීඩා භාණ්ඩ
*සපත්තු
*මෙට්ට, කාපට්, කුෂන්
*සෙල්ලම් බඩු


අතුරු බෝග වගාව ලෙස සලකනු ලබන්නේ එකම වගා භුමියේ බෝග වර්ග දෙකක් හෝ ඊට වඩා වැඩි ප්‍රමාණයක් වගා කිරීමයි. අතුරු බෝග වගාව තුලින් රබර් වගා කරුවන්ට බොහෝ වාසි අත්පත් කර ගත හැක. ඒවා නම්,

* ඵලදායීව හා කාර්යක්‍ෂම පරිදි භූමි භාවිතය ඉහල දැමීම
* රබර් වගාව අතර විවිධ වර්ගයේ වල් පැල ඇටි වැඩෙන අතර ඒවා රබර් ගසේ වර්ධනයට සෘනාත්මක බලපෑම් කරයි. අතුරු බෝග වගා කිරීම් තුලින් වල් පැල මර්ධනය කළ හැක.
* ස්වාභාවික සම්පත් හා අනෙකුත් යෙදවුම් කාර්යක්‍ෂමව භාවිතා කිරීම. (හිරු එළිය, පොහොර, වතුර භාවිතය, පසේ සරු සාර බව, සේවකයන්)
* එකවිට සියලුම බෝග වගාවන් විනාශ නොවීම නිසා වගාකරුවන්ගේ පැවැත්මට එය යහපත් පරිදි බලපෑම.
*රබර් වලින් ලැ‍බෙන අදායමට අමතරව විවිධ බෝග අලෙවිය තුලින් විවිධ ආදායම් ගලා ඒම.



රබර් වගාවේ දී අතුරු බෝග ලෙස වගා කළ හැකි බෝගයන්


සංස්කරණය

තේ

කුරුඳු

වැනිලා

කෙසෙල්

උක්

කොකොවා


අන්නාසි

කරඳ මුංගු

පැෂන්පෘට්

පැඟිරි

බුලත්

දැව

ශ්‍රී ලංකාවේ රබර් කර්මාන්තය



ඉතිහාසය



තේ, රබර්, පොල් යනාදිය ශ්‍රී ලංකාවේ කෘෂි අපනයන බෝග වලින් ප්‍රධානතැනක් ගෙන ඇත.රබර් වගා කරන කරන ලද පලමු ආසියාතික රට වන ශ්‍රී ලංකාව ස්වාභාවික රබර් කර්මාන්තය ගැන සලකා බැලිමේදී ලෝකයේ ප්‍රධාන තැනක් ගනී. ලෝකයේ ප්‍රධානම ක්‍රේප් රබර් සැපයුම්කරු වන්නේද ශ්‍රී ලංකාවයි.

"Heavea Brasiliensis" යන උද්භිත විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන රබර් ගසේ නිජ භූමිය දකුණු ඇමරිකාව වේ. 1876 දී හෙන්රි වික්හැම් විසින් ඇමසන් ප්‍රදේශයෙන් එකතු කර ගන්නා ලද රබර් බීජ වල විශේෂ එකතුවක් ලන්ඩන් වල කිව් උද්ද්‍යානයට ගෙන විත් රෝපනය කරන ලදී. එභි රෝපිත බ්‍රසිලියන් රබර් දෙවර්ගයට අයත් ඇටවලින් හටගත් පැළ කිහිපයක් ලංකාවට ගෙන විත් 1876 දී හෙනරත්ගොඩ උද්ද්‍යානයේ රෝපනය කලේය.මෙම උද්භිත උද්ද්‍යානය ලෝකයේ රබර් කර්මාන්තයේ සංදිස්ථානයක් වශයෙන් හදුන්වනු ලැබේ. පසු කාලීනව ශ්‍රී ලංකාවෙන් රබර් පැළ අනෙකුත් ගිනිකොනදිග ආසියාතික රටවලට බෙදා දෙන ලදී. මෙම රටවල් දැනට 95% පමණ මුළු ලෝක ස්වාභාවික රබර් නිෂ්පාදනයට දායක වී ඇති අතර ඉතිරි ප්‍රමාණය අප්‍රිකානු රටවල් වලින් සපයනු ලැබේ. වර්තමාන සමීක්ෂණයට අනුව ශ්‍රී ලංකාවේ රබර් වගාකර ඇති ප්‍රමාණය 128 879 හෙක්ටටයාර් වන අතර ඉන් 83 253 (63%) අයිතිවනුයේ කුඩා රබර් වතු හිමියන්ටය. එ‍මෙන්ම රබර් කර්මාන්තය හොඳින් පුහුණු කළ රසායන විද්‍යාඥයන්, තාක්‍ෂණිකයන්, ඉංජිනේරුවන්, ශිල්පීය හා තාක්‍ෂණික නිෂ්පාදන ක්‍රියාවලි හා අවශ්‍ය උපකරණයන් ‍යොදාගනිමින් උසස් තත්ත්‍වයෙන් යුතු රබර් සපයන නිසා තරඟකාරී මිල ගණන් යටතේ ලෝක වෙළඳ පොළේ තරඟ කිරීමේ හැකියාව ලැබී ඇත.නමුදු ප්‍රමාණවත් භූමි ප්‍රමාණයක් නොමැති වීම හේතුවෙන් ‍ලෝක වෙළඳපොළට සපයන ස්වභාවික රබර් සඳහා ශ්‍රී ලංකවේ දායකත්‍වය මෑතකාලීනව 1.8% කි.

රබර් වගාවට අවශ්‍ය සාධක


රබර් ගසක නිරෝගිමත් වර්ධනය සඳහා බොහෝ සාධක බලපානු ලබයි. ඒ අතරින් පස උෂ්ණත්‍වය හා වර්ෂාපතනය යන්න ඉතා වැදගත් වේ. රබර් ගසක් නිරෝගිමත් වර්ධනයට සෙල්සියස් අංශක 27 පමණ උෂ්ණත්‍වයක් ද ‍මිලි මීටර් 2000 වඩා වැඩි වාර්ෂික වර්ෂාපතනයක් ද හොඳින් තෙතමනය රඳා පවතින ලැටරයිට් හෝ ලැටරයිට් වර්ගයේ කබොක් පසද අවශ්‍යවේ. එලෙසම නියුට්ට්‍රිජන්, පොටෑසියම්, පොස්පරස්, මැග්නීසියම්, කැල්සියම් හා සෝඩියම් යන පෝෂක කොටස් වැදගත් තැනක් ගනී. මෙම පෝෂක කොටස් නිසි පරිදි රබර් ගසකට ලබාගත නොහැකි වුවහොත් රබර් ගස පහත සඳහන් රෝගී තත්ත්‍වයන්ට ලක් වේ.




* රබර් ගස කුඩා වීම.
* රබර් කොළ කුඩා වීම හා රබර් කොළ හටලන්නා ප්‍රමාණය අඩු වීම.
* රබර් කොළ කහ පාටින් හෝ කහපාටට හැරුණු කොළ පැහැයෙන් දිස් වීම.
* රබර් ගසේ කොළ අනිසි ලෙස හැලීයාම.
* නිසි රබර් කිරි ඵලදාවක් ලබාගත නොහැකි වීම.
* රබර් කොළයේ අග දුඹුරු පැහැ ගැනීම.



රබර් වගාවට වැල‍ඳෙන රෝග


3.1.1 Whiteroot Disease

රබර් ගස් මුල් අවදියේ දී පැළයේ මුල ප්‍රදේශය සුදු පැහැවී ඇත්නම් හා පුස් බැදීම් වලට ලක්වී ඇත්නම් එය Whiteroot රෝගය ලෙස හඳුනාගත හැකිය. වියලි කලාපයට වඩා තෙත් කලාපයේ දක්නට ලැබෙන මෙම රෝගය වර්ධයත් සමග රබර් ගස මරණයට පත් වේ.




3.1.2 Corynespora Leaf Spot Disease

මෙහි දී රබර් කොළයේ විවිධ ස්ථානවල දුඹුරු පැහැයට හුරු ලප හටගන්නා අතර පසු කාලීනව කොළය ගසෙන් හැලී යයි. කලුතර, කැළණිය, රත්නපුර ප්‍රදේශවල මෙම තත්වය බහුලව දැක ගත හැක.




3.1.3 Oidium Leaf Disease

මෙම රෝගී තත්ත්‍වය නිසා රබර් කොළයේ දෙපැත්තේමත්, රබර් මල් වලත් සුදු පැහැයට හුරු ලප මතුවේ. රෝගී තත්ත්‍වය වර්ධනයත් සමග මෙම තත්ත්‍වය රබර් ගසේ රිකිලි හා කුඩා අතු වලට ද වැලදී ගසේ වර්ධනය බාල කරයි.




3.1.4 Pink Disease

වයස අවුරුදු 3-7 පමණ වයසේ වර්ධන අවදිය පවතින රබර් පැල සඳහා මෙම රෝගය විශාල වශයෙන් බලපායී. රබර් ගසේ කඳේ සුදු පැහැයට හුරු මකුලු දැළක් වැනි විශාල ලප ඇතිවන අතර ඉන් රබර් කිරි වෑස්සිමක් ද දක්නට ලැබේ.




3.1.5 Phytophthora Disease

මෙම රෝගී තත්ත්‍වය රබර් ගසේ ගෙඩියට, නාරටි වලට හා කඳේ පොත්තට බලපෑම් කරයි. මෙහි දී රබර් ගසේ පොත්ත කුණු වී යාම ,රබර් ගසේ කොළ අනවශ්‍ය පරිදී වැටීමට ලක්වීම සිදු වී රෝගී තත්ත්‍වය වර්ධනත් සමග රබර් ගස මරණයට වුව ද පත් විය හැක.


රෝග මර්ධනයට යොදා ගත හැකි ක්‍රම


-නිසිපරිදි පොහොර භාවිතය.

-නිරෝගිමත් පැල විශ්වාසවන්ත ස්ථානයකින් සිටුවීම සඳහා ලබා ගැනීම.

-වගා භුමියට හිරු එළිය වැටෙන පරිදි රබර් පැල නියමිත දුර ප්‍රමාණයකින් සිටුවිම.

-මරණයට පත්ව ඇති ගස් කපා ඉවත් කිරීම.

-පලිබෝධනාශක යොදා ගැනීම.

රබර් වගාවේ ඵලදාව වැඩිකර ගත හැකි ක්‍රම


# ඉහල ඵලදාවක් ලබාගැනීමට ගුණාත්මක භාවයෙන් යුතු පොහොර නිර්දේශිත ප්‍රමාණයෙන් භාවිතා කිරීම.
#රබර් පර්යේෂණ ආයතන මඟින් නිර්දේශිත කෘෂි කළමණාකරණ විධි භාවිතා කිරීමට පෙළඹීම.
#නව තාක්‍ෂණය භාවිතය.
# ඉහල ඵලදාවක් ලබා දෙන පැළ වර්ග භාවිතා කිරීම.
# තෝරාගත් නිසරු ඉඩම් සඳහා පාංශු කළමණාකරණ වැඩ සටහන් මගින් පසේ ගුණාත්මක බව වර්ධනය කිරීම.
# තෝරාගත් සුදුසු ඉඩම් වල රබර් වගා කිරීම.
# වල් පැල මර්ධනය.
# පාංශු හා ජල සංරක්‍ෂණ ක්‍රම භාවිතා කිරීම.