Sunday, February 19, 2017

රබර් නිශ්පාදන ක්‍රියාවලිය

රබර් බීජ වලින් ලබා ගන්නා රබර් පැල වගාවට සූදානම් කොට ඇති භුමියේ සිටුවා ගස වැඩෙන පරිදි පොහොර දමමින් හා වල් පැල මර්ධනය කරමින් නිසි ලෙස නඩත්තු කළ යුතුය. වසර 7 ගතවන තුරු රබර් ගස කිරි කැපීම සඳහා සුදුසු නොවේ. ගස රබර් ගසක කිරි කැපීම සඳහා කැපුම් දැමීමට සුදුසු වනුයේ එම රබර් ගසේ බද්ධ සන්ධියේ ඉහලම ස්ථානයේ සිට සෙ'මි'120(අඟල් 48)ඉහලින් වටය සෙ.මි.50(අඟල් 20) පමණ වූ විටය. මෙසේ කැපුම් දැමීමෙන් පසු රබර් ගස් වලින් ලබා ගන්නා කිරි පොල් කටු ආධාරයෙන් එකතුකොට රබර් නිෂ්පාදනාගාර වෙත යවනු ලැබේ. රබර් කිරි කපන අවස්ථාව් කිරි කැපුම්කරනු ලබන ස්ථානයේ වියලී ඇති පට්ට ගලවා ගන්නා අතර එය ඔට්ටපාලු ලෙස හඳුන්වනු ලැබේ. රබර් නිෂ්පාදනාගාරයේදී විවිධ ක්‍රියාවලීන්ට රබර් කිරි ලක් කොට පහත සඳහන් නිමවුම් ලබාගනී.

  • බර් නිශ්පාද

• සීට් රබර් (Sheet Rubber)
• ක්‍රෙප් රබර් (Crepe Rubbr)
• පේල් ක්‍රෙප් (Pale Crepe)
• ෂෝල් ක්‍රෙප් (Sole Rubber)
• කේන්ද්‍රාපසාරී රබර් කිරි (Centrifuged Latex)
• රීබ්ඩ් ස්මොක් ෂීට් (Ribbed Smoked Sheet)
• තාක්‍ෂණික වශයෙන් වැදගත් රබර් ( Technically Specified Rubber)
• විශේෂිත රබර් (Specialty Rubber)

රබර් නිෂ්පාදනාගාරයේ දී මෙසේ නිපදවනු ලබන නිමවුම් යොදා ගනිමින් කර්මාන්තශාලා විවිධ වර්ගයේ නිමවුම් කරනු ලැබේ. ඒවා නම්,

කර්මාන්ත නිපැයුම්

බට (Hoses)
ටියුබ් ( Tubes)
වාහක පටි (Conveyor Belts)
ඔ‍ටෝ පාට් (Auto Parts)
ඝන රෝද (Solid Tyers)
උණු වතුර බෝතල්

රබර් කිරි මගින් සිදු කරන නිශ්පාදන.


*වෛද්‍ය හා සැත්කම් සඳහා යොදා ගනු ලබන අත් මේස්
*කර්මාන්ත උපාංග
*බැලුම්

නෙකුත් රබර් නිශ්පාදන


*දොර පාපිසි
*රබර් පටි
*ක්‍රීඩා භාණ්ඩ
*සපත්තු
*මෙට්ට, කාපට්, කුෂන්
*සෙල්ලම් බඩු

No comments:

Post a Comment