Sunday, February 19, 2017

ස්භාවික රබර් කර්මාන්තය මුහුණපා ඇති ගැටලු


දැනට ග්‍රී ලංකාවේ රබර් වගාව මුහුණ පා ඇති ප්‍රධාන ගැටලුව වී ඇත්තේ කෘතිම රබර් නිසා ස්වාභාවික රබර් වලට ඇතිවන තරඟයයි. ලෝකයේ වර්තමාන රබර් පරිභෝජනය ගත් විට ඉන් 69% පමණ කෘතිම රබර් වලින් යුක්ත වේ.


එමෙන්ම රබර් වගාව තුලින් සරිලන අස්වැන්නක් නොලැබීම.


රබර් වගාව සඳහා ප්‍රයෝජනයට ගත හැකි වතු බිම් ප්‍රමාණය කුඩා වීම.


බොහෝ කුඩා රබර් වැවිලිකරුවන් ඔවුන්ගේ බෝග වගාව රබර් වල සිට තේ දක්වා විවිධාංගීකරණය කර තිබේ.ඊට ප්‍රධාන හේතුව වී ඇත්තේ තේ දලු කිලෝවක් සඳහා ගෙවන මිල ස්වාභාවික රබර් සඳහා ගෙවන මිලට වඩා ආකර්ෂණය වීම හා රබර් වගාවට සා‍පේක්‍ෂව තේ වගාවට අවශ්‍ය ශ්‍රමිකයන් ප්‍රමාණය අඩුවීම.



රබර් සඳහා සාධාරණ මිලක් නොලැබීම හා මිල නිතර නිතර වෙනස් වීමට භාජනය වීම.


රබර් අපනයන තීරුබදු වලට යටත් වීම.



රබර් වගාවට වැලදෙන රෝග ප්‍රමාණය විශාල වීම.


රබර් වගාවට අවශ්‍ය උපකරණ මිලට ගැනීමේ අපහසුව

.
නිෂ්පාදන පිරිවැය අධික විම.



බොහෝ විට රබර් වගාවේ යෙදී සිටිනුයේ ගැමියන් වන අතර ඔවුන් තුල ප්‍රමාණවත් දැනුමක් හා පුහුණුවක් රබර් වගාව සම්බන්ධයෙන් නොපැවතීම.

No comments:

Post a Comment