අතුරු බෝග වගාව ලෙස සලකනු ලබන්නේ එකම වගා භුමියේ බෝග වර්ග දෙකක් හෝ ඊට වඩා වැඩි ප්රමාණයක් වගා කිරීමයි. අතුරු බෝග වගාව තුලින් රබර් වගා කරුවන්ට බොහෝ වාසි අත්පත් කර ගත හැක. ඒවා නම්,
* ඵලදායීව හා කාර්යක්ෂම පරිදි භූමි භාවිතය ඉහල දැමීම
* රබර් වගාව අතර විවිධ වර්ගයේ වල් පැල ඇටි වැඩෙන අතර ඒවා රබර් ගසේ වර්ධනයට සෘනාත්මක බලපෑම් කරයි. අතුරු බෝග වගා කිරීම් තුලින් වල් පැල මර්ධනය කළ හැක.
* ස්වාභාවික සම්පත් හා අනෙකුත් යෙදවුම් කාර්යක්ෂමව භාවිතා කිරීම. (හිරු එළිය, පොහොර, වතුර භාවිතය, පසේ සරු සාර බව, සේවකයන්)
* එකවිට සියලුම බෝග වගාවන් විනාශ නොවීම නිසා වගාකරුවන්ගේ පැවැත්මට එය යහපත් පරිදි බලපෑම.
*රබර් වලින් ලැබෙන අදායමට අමතරව විවිධ බෝග අලෙවිය තුලින් විවිධ ආදායම් ගලා ඒම.
රබර් වගාවේ දී අතුරු බෝග ලෙස වගා කළ හැකි බෝගයන්
සංස්කරණය
තේ
කුරුඳු
වැනිලා
කෙසෙල්
උක්
කොකොවා
අන්නාසි
කරඳ මුංගු
පැෂන්පෘට්
පැඟිරි
බුලත්
දැව
No comments:
Post a Comment