ඉතිහාසය
තේ, රබර්, පොල් යනාදිය ශ්‍රී ලංකාවේ කෘෂි අපනයන බෝග වලින් ප්‍රධානතැනක් ගෙන ඇත.රබර් වගා කරන කරන ලද පලමු ආසියාතික රට වන ශ්‍රී ලංකාව ස්වාභාවික රබර් කර්මාන්තය ගැන සලකා බැලිමේදී ලෝකයේ ප්‍රධාන තැනක් ගනී. ලෝකයේ ප්‍රධානම ක්‍රේප් රබර් සැපයුම්කරු වන්නේද ශ්‍රී ලංකාවයි.
"Heavea Brasiliensis" යන උද්භිත විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන රබර් ගසේ නිජ භූමිය දකුණු ඇමරිකාව වේ. 1876 දී හෙන්රි වික්හැම් විසින් ඇමසන් ප්‍රදේශයෙන් එකතු කර ගන්නා ලද රබර් බීජ වල විශේෂ එකතුවක් ලන්ඩන් වල කිව් උද්ද්‍යානයට ගෙන විත් රෝපනය කරන ලදී. එභි රෝපිත බ්‍රසිලියන් රබර් දෙවර්ගයට අයත් ඇටවලින් හටගත් පැළ කිහිපයක් ලංකාවට ගෙන විත් 1876 දී හෙනරත්ගොඩ උද්ද්‍යානයේ රෝපනය කලේය.මෙම උද්භිත උද්ද්‍යානය ලෝකයේ රබර් කර්මාන්තයේ සංදිස්ථානයක් වශයෙන් හදුන්වනු ලැබේ. පසු කාලීනව ශ්‍රී ලංකාවෙන් රබර් පැළ අනෙකුත් ගිනිකොනදිග ආසියාතික රටවලට බෙදා දෙන ලදී. මෙම රටවල් දැනට 95% පමණ මුළු ලෝක ස්වාභාවික රබර් නිෂ්පාදනයට දායක වී ඇති අතර ඉතිරි ප්‍රමාණය අප්‍රිකානු රටවල් වලින් සපයනු ලැබේ. වර්තමාන සමීක්ෂණයට අනුව ශ්‍රී ලංකාවේ රබර් වගාකර ඇති ප්‍රමාණය 128 879 හෙක්ටටයාර් වන අතර ඉන් 83 253 (63%) අයිතිවනුයේ කුඩා රබර් වතු හිමියන්ටය. එමෙන්ම රබර් කර්මාන්තය හොඳින් පුහුණු කළ රසායන විද්‍යාඥයන්, තාක්‍ෂණිකයන්, ඉංජිනේරුවන්, ශිල්පීය හා තාක්‍ෂණික නිෂ්පාදන ක්‍රියාවලි හා අවශ්‍ය උපකරණයන් යොදාගනිමින් උසස් තත්ත්‍වයෙන් යුතු රබර් සපයන නිසා තරඟකාරී මිල ගණන් යටතේ ලෝක වෙළඳ පොළේ තරඟ කිරීමේ හැකියාව ලැබී ඇත.නමුදු ප්‍රමාණවත් භූමි ප්‍රමාණයක් නොමැති වීම හේතුවෙන් ලෝක වෙළඳපොළට සපයන ස්වභාවික රබර් සඳහා ශ්‍රී ලංකවේ දායකත්‍වය මෑතකාලීනව 1.8% කි.
රබර් වගාවට අවශ්‍ය සාධක
රබර් ගසක නිරෝගිමත් වර්ධනය සඳහා බොහෝ සාධක බලපානු ලබයි. ඒ අතරින් පස උෂ්ණත්‍වය හා වර්ෂාපතනය යන්න ඉතා වැදගත් වේ. රබර් ගසක් නිරෝගිමත් වර්ධනයට සෙල්සියස් අංශක 27 පමණ උෂ්ණත්‍වයක් ද මිලි මීටර් 2000 වඩා වැඩි වාර්ෂික වර්ෂාපතනයක් ද හොඳින් තෙතමනය රඳා පවතින ලැටරයිට් හෝ ලැටරයිට් වර්ගයේ කබොක් පසද අවශ්‍යවේ. එලෙසම නියුට්ට්‍රිජන්, පොටෑසියම්, පොස්පරස්, මැග්නීසියම්, කැල්සියම් හා සෝඩියම් යන පෝෂක කොටස් වැදගත් තැනක් ගනී. මෙම පෝෂක කොටස් නිසි පරිදි රබර් ගසකට ලබාගත නොහැකි වුවහොත් රබර් ගස පහත සඳහන් රෝගී තත්ත්‍වයන්ට ලක් වේ.
* රබර් ගස කුඩා වීම.
* රබර් කොළ කුඩා වීම හා රබර් කොළ හටලන්නා ප්‍රමාණය අඩු වීම.
* රබර් කොළ කහ පාටින් හෝ කහපාටට හැරුණු කොළ පැහැයෙන් දිස් වීම.
* රබර් ගසේ කොළ අනිසි ලෙස හැලීයාම.
* නිසි රබර් කිරි ඵලදාවක් ලබාගත නොහැකි වීම.
* රබර් කොළයේ අග දුඹුරු පැහැ ගැනීම.
රබර් වගාවට වැලඳෙන රෝග
3.1.1 Whiteroot Disease
රබර් ගස් මුල් අවදියේ දී පැළයේ මුල ප්‍රදේශය සුදු පැහැවී ඇත්නම් හා පුස් බැදීම් වලට ලක්වී ඇත්නම් එය Whiteroot රෝගය ලෙස හඳුනාගත හැකිය. වියලි කලාපයට වඩා තෙත් කලාපයේ දක්නට ලැබෙන මෙම රෝගය වර්ධයත් සමග රබර් ගස මරණයට පත් වේ.
3.1.2 Corynespora Leaf Spot Disease
මෙහි දී රබර් කොළයේ විවිධ ස්ථානවල දුඹුරු පැහැයට හුරු ලප හටගන්නා අතර පසු කාලීනව කොළය ගසෙන් හැලී යයි. කලුතර, කැළණිය, රත්නපුර ප්‍රදේශවල මෙම තත්වය බහුලව දැක ගත හැක.
3.1.3 Oidium Leaf Disease
මෙම රෝගී තත්ත්‍වය නිසා රබර් කොළයේ දෙපැත්තේමත්, රබර් මල් වලත් සුදු පැහැයට හුරු ලප මතුවේ. රෝගී තත්ත්‍වය වර්ධනයත් සමග මෙම තත්ත්‍වය රබර් ගසේ රිකිලි හා කුඩා අතු වලට ද වැලදී ගසේ වර්ධනය බාල කරයි.
3.1.4 Pink Disease
වයස අවුරුදු 3-7 පමණ වයසේ වර්ධන අවදිය පවතින රබර් පැල සඳහා මෙම රෝගය විශාල වශයෙන් බලපායී. රබර් ගසේ කඳේ සුදු පැහැයට හුරු මකුලු දැළක් වැනි විශාල ලප ඇතිවන අතර ඉන් රබර් කිරි වෑස්සිමක් ද දක්නට ලැබේ.
3.1.5 Phytophthora Disease
මෙම රෝගී තත්ත්‍වය රබර් ගසේ ගෙඩියට, නාරටි වලට හා කඳේ පොත්තට බලපෑම් කරයි. මෙහි දී රබර් ගසේ පොත්ත කුණු වී යාම ,රබර් ගසේ කොළ අනවශ්‍ය පරිදී වැටීමට ලක්වීම සිදු වී රෝගී තත්ත්‍වය වර්ධනත් සමග රබර් ගස මරණයට වුව ද පත් විය හැක.
රෝග මර්ධනයට යොදා ගත හැකි ක්‍රම
-නිසිපරිදි පොහොර භාවිතය.
-නිරෝගිමත් පැල විශ්වාසවන්ත ස්ථානයකින් සිටුවීම සඳහා ලබා ගැනීම.
-වගා භුමියට හිරු එළිය වැටෙන පරිදි රබර් පැල නියමිත දුර ප්‍රමාණයකින් සිටුවිම.
-මරණයට පත්ව ඇති ගස් කපා ඉවත් කිරීම.
-පලිබෝධනාශක යොදා ගැනීම.
රබර් වගාවේ ඵලදාව වැඩිකර ගත හැකි ක්‍රම
# ඉහල ඵලදාවක් ලබාගැනීමට ගුණාත්මක භාවයෙන් යුතු පොහොර නිර්දේශිත ප්‍රමාණයෙන් භාවිතා කිරීම.
#රබර් පර්යේෂණ ආයතන මඟින් නිර්දේශිත කෘෂි කළමණාකරණ විධි භාවිතා කිරීමට පෙළඹීම.
#නව තාක්‍ෂණය භාවිතය.
# ඉහල ඵලදාවක් ලබා දෙන පැළ වර්ග භාවිතා කිරීම.
# තෝරාගත් නිසරු ඉඩම් සඳහා පාංශු කළමණාකරණ වැඩ සටහන් මගින් පසේ ගුණාත්මක බව වර්ධනය කිරීම.
# තෝරාගත් සුදුසු ඉඩම් වල රබර් වගා කිරීම.
# වල් පැල මර්ධනය.
# පාංශු හා ජල සංරක්‍ෂණ ක්‍රම භාවිතා කිරීම.
ඉතාමත් වටිනා ලිපිය කි.
ReplyDelete