රබර් යනු කුමක්ද ? එහි ඇති ප්‍රයෝජන කවරේද ? එය ප්‍රයෝජනයට ගත හැක්කේ කෙසේද ? ඈත අතීතයේ සිටම රබර් කාර්මික අමු ද්‍රව්‍යයක් ලෙස හඳුනා ගැනීමත් සමග මෙ වැනි ප්‍රශ්න කෙරෙහි මිනිසා නිරන්තර කුතුහලයෙන් සිටියහ.
සුනම්‍ය තාවය (නැමෙන සුළු)
ප්‍රත්‍යස්ථ තාවය (ඇදෙන සුළු)
යන සුවිශේෂ වූ රබර් වල ගුණාංග හේතුකොටගෙන මිනිසා විසින් අවස්තාවට සරිලන පරිදි ප්‍රයෝජනයට ගත හැකිඅමු ද්‍රව්‍යයක් බවට පත්විය.අද ලෝකයේ ගොඩ නැගිලි කර්මාන්තය.යාන වාහන කර්මාන්ත, කෘෂිකර්මාන්තය, සෞඛ්‍ය හා සනීපාර්ක්ෂක කර්මාන්තය.මෙන්ම ගෘහස්ථ පරිභෝජන අවශ්‍යතා සඳාහාද නැතුවම බැරි අමුද්‍රව්‍යයකි .විද්‍යාව හා තාක්ෂණයේ සිදුවූ දැවන්ත වර්ධනයත් සමග රබර් නිශ්පාදන කර්මාන්තයේ අවශ්‍යතා සඳහා යොදා හැකිවිය.
නමුත් ස්භාවික රබර් වලින් පියවාගත නොහැකිවූ සමහර නිශ්පාදනයන් සඳහා වුවමනා ගුණාංග ඛණිජතෙල් (පෙට්ට්‍රෝලියම්) කර්මාන්තය ආශ්‍රිතව මිනිසා විසින් නිශ්පාදනය කරන ලද කෘතීම රබර් යොදා ගැනිමට හැකිවීම රබර් නිශ්පාදන ක්ෂේත්‍රය තුල මහත් පෙරලියක් හා විව්ධාංගිකයට හේතු පාදක විය.
රබර් ගස පලමුවරට සොයාගනු ලැබුවේ 1498 දී පමණ කාලයේදී ක්‍රිස්ටෝපර් කොලොම්බස් විසින් දකුණු ඇමරිකානු රටක් වන බ්‍රසීලයේ ඇමසන් වනාන්තරයෙනි.එකල එහි සිටි හයිට් ගෝත්‍රික ලමුන් රබර් උපයෝගීකරගෙන බෝල සෙල්ලම් කරනු දැකීය.තවද එම වැසියන් සත්ත්ව හම් රබර් කිරෙහි ගිල්වා වේලා ගනිමින් ජලයට ඔරොත්තු දෙන වඩාත් ආරක්ෂිත පාවාහන් සාදාගත් බව ඉතිහාසය සාක්ෂි දරයි.ලෝකයේ රබර් කිරි වලට පෙනුමෙන් සමාන සුදුපැහැති කිරි ලබාදෙන ශාක වර්ග 200ක් පමන ඇතත් රබර් වල පවතින සුවිශේෂි ගුණාංග ලබාදෙන එකම ශාකය වන්නේ රබර් ගස පමණි.රබර් කිරි එම ගසේ පත්‍රවල ජීව රසායනික පතික්‍රියා මගින් නිපදවයි ඉතා කුඩා රබර් අංශු ජලයේ විසිරී පවතින අතර රබර් කිරි සුදුපැහැයෙන් දිස්වන්නේ එම නිසාය .පත්‍රවල නිශ්පාදිත රබර් කිරි සියුම් නාලිකා මගින් ගසේ සෑම කොටසකටම එහා මෙහා ගමන් කරයි.මෙම කුඩා නාලිකා වැඩිවශයෙන් දක්නට ඇත්තේ ගසේ පොත්තට යටිනි.ගසේ පොත්ත මුවහත් ආයුධයකින් තුවාල කලවිට මෙම නාලිකා කැපීමෙන් රබර් කිරි ගසෙන් ඉවතට ගලා එයි.අවට වාතය රබර් කිරි ගැටීමත් සමග පැය කිහිපයකින් කිරි මිදීමට ලක්වන අතර එමනිසා කිරි සම්පූර්ණයෙන් ගසෙන් ඉවතට ගලාගෙන යාම වලකාලනු ලබය්.

රබර් කිරිවල සංයුතිය.
රබර් ගසින් ලබා ගන්නා කිරි වල
ජලය 55% ත් 70% අතර
වියලි රබර් 30% ත් 40% අතර
රෙසින් වර්ග 1.5% ත් 2% ත් අතර පවතී
කබෝහයිඩ්‍රේට, ලිපිඩ ද්‍රව්‍ය, ප්‍රෝටීන් , ඛණිජ ලවණ, මැග්නීසියම්,අයන්,කැල්සියම් වැනි රබර් නොවන ද්‍රව්‍ය ඉතා සුලු වශයෙන් අඩංගුවේ..සීනි ,, ලවණ වර්ග ඇමයිනෝ වර්ගද එක්තරා ප්‍රමාණයකට මෙහි දියැවී ඇත.මේ නිසා රබර් කිරි ස්භාවයෙන්ම ක්ෂුද්‍ර ජීවීන්ගෙන් තොර වුවත් කිරි කැපීමේදී බාහිර පරිසරයෙන් ක්ෂුද්‍ර ජීවීන් කිරි තුලට පතිත වීමෙන් සීනි සමග ප්‍රතික්‍රියා කරයි.
මේ ක්‍රියාව නිසා එහි අඩංගු සීනි , පෝමික් අම්ලය හා ඇසිටික් අම්ලය බවට හරවයි.සාමාන්‍යයෙන් අම්ල රබර් කිරි මිදවීමේදි භාවිතා කරයි.එමගින් කිරිවල ස්ථායිතාවය නැති කර මිදීම නිසා රබර් කුට්ටියක් බවට පත්කරයි.